චතූ 2 years ago 205 2 5

Nisadas Image

නුඹ එන්න

වැහිබරම දින අතර දෙනෙත් මත සැතපෙන්න
ළයේ ගැඹුරුම තැනක නුඹේ වත රඳවන්න
මතකයේ ගව් ගණන් මා එක්ක ඇවිදින්න
වැහි කෝඩයට කුඩය යටින් යන්නට එන්න

එකපාර අකුණු හඬ සවන් පත් රැඳෙන කොට
තිගැස්සුනු මීන නෙත හිතයි සිපගන්න මට
මතක් කර කර ලියන අපේ ජීවිත පුවත
ලස්සනම තැනි බිමක වල් රෝස පඳුරක්ද

ගිම්හාන අහස් ගැබ වසා මතුවී ඇදෙන
අකීකරු වළාකුළු කුමරියෝ රතු පාට
හීනෙකින් වත් ඇවිත් ගත වසා රත් සේල
වළාවක් සේ නුඹත් පැමිණෙයිද කරකාර

පුරාවත් නොවුණාට හිත් බිමේ මිහිදන්ව
වතාවක් දෙකක් නොව හැමදාම හිත තැලුව
අපේ මතකයෙ කොණක් අල්ලගෙන යුහුසුලුව
අමාවක මහ රෑක සඳ හෙව්වෙ මම තනිව

- චතූ✍️
2021-10-03

Comments (5)

*$@n¢hi* 2 years ago ❤❤❤

shashi 2 years ago ලස්සනයි චතූ❤️❤️

Deesha(දීෂා)❤️ 2 years ago ලස්සනයි අක්කි ❤

නදී ..✍???? 2 years ago ලස්සනයි අක්කා❤️

චතූ 2 years ago ❤️Thanq all





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps