තූර්යා ඉඳුවරී 1 year ago 123 4 2
සිහිනයෙන් ඔබ එන්න
එපා තව දුර යන්න...
ජීවිතේ හැමදාම
ඔය ලෙසින් ළඟ ඉන්න...
දෙකොපුල් සිපගන්න
සුමුදු හාදුව වන්න...
නෙතින් ඉවතට ගියත්
හදෙහි රඳවා ගන්න...
නෙත්කොනේ කඳුළක්
කිසිදා නොමවන්න...
හැමදාම මගෙ මුවේ
සුමුදු හසරැලි වන්න...
හසරක් නොදුටු බිම
දියබිඳ ඔබ වන්න...
මා නොදුටු මගේ ලොව
හැමදාම ඔබ ගන්න...
දෙපා පැටලී ඔහේ
වැටෙන විට ජීවිතේ...
අත්වැල වී මගේ
හැමදාම ළඟ ඉන්න...
?? තරූ සමනළී ??
Deesha(දීෂා)❤️ 1 year ago ගොඩක් ලස්සනයි ?❤️
තූර්යා ඉඳුවරී 1 year ago Thanks menika..??????