thamoja koushala 5 years ago 106 4 2

Nisadas Image

ආදරය

යාම් ඒම් පමනක්
ඇති මේ
සංසාර ගමන තුල
භවයෙන් භවය
අප හමුවන්න ඇත
විටක අප වෙන්වෙන්නට ඇත
මේ භවය තුල
නැවතත්
ඔබ මා හමු වී ඇත

විටක අප විරසක වනු ඇත
තවත් විටක ආදරයෙන් තුරුළු වනු ඇත
ගතවන හැම තත්පරයක ගැහෙන මේ හදවත තුල
ඇත්තේ...
ඔබේ ආදරණීය නාමයයි..

දෙදෙනා දෙතැනක සිටියත්
හදවතින් එක් තැනක සිටිනු ඇත
ගතිම් දුරස් වුවත්
හිතින් අප ලන් වී ඇත..
නෙත පිනවන
ඔබ රුව දුටු විට
නැගෙයි පෙම් සිනා
මුවඟට.....

තමෝජ් ජී ගැටමාන්න.

Comments (2)

තූර්යා ඉඳුවරී 5 years ago Lassanai....??????

Hansinidukin enu mana Hanisi 5 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps