Naween Perera 1 year ago 45 5 8
රැදි කොහෙද සිනා කැන් නුබ නැති රෑට
රිදවන්නෙ මතකයන් හදවත තව ගැබුරට
උණුහුමට ලංකර ඔබ කීව ඒ පෙම් පද
දුන් මිහිරි සුව නෑ එදා දැනුන තරමට
නබෝගැබ දෙස බලන් අඩවන් නෙතු අගට
ශේෂ උනු බිදුනු හිත හදනවා හිතුවට
කොහෙ හදන්නද බිදුනු කැඩපත් එක්කොට
හද රවටන්න නුබ තව උන් හා සැරසී
උසුලුවකට ගෙන විශ්වාසය කඩලා යද්දී
අදහන්නට බෑ රගපෑම මතකෙට එද්දී
මගෙ රළු හදත් නුබ බිදලා ඒ වෙද්දී
දැනුනා ගැබුරටම හද රිදුමන් දෙද්දී
කම් නැහැ තේරෙයි මං ඈතට වෙද්දී
මතුපිට හසරැල් පුරවන් වගේ එදාම
ඉන්නෙම් ලෝකෙට නුබ සගවන් හැමදාම
එදා පෙම්කල තරමටම මම රෑට
අපුලය දැන් තනිකම පිරුනු අදුර මට
හිතටත් වැඩක් නැත තව නුබ ගැන සිතනු හැර
නින්ද නෑ මට හෙටත් නැගෙන තුරු දිනකර.
~නවියා~
Dila ???? 1 year ago ලස්සනයි අයියේ ❤️
නදී ..✍???? 1 year ago ලස්සනයි ❤️
Naween Perera 1 year ago ස්තුතියි dila ❤️
Naween Perera 1 year ago ස්තුතියි නදී ❤️
Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි ?
Naween Perera 1 year ago ස්තුතියි දීශා ❤️
*$@n¢hi* 1 year ago ❤️❤️❤️
Naween Perera 3 months ago ස්තුතියි s@nchi ❤️