නදී ..✍???? 1 year ago 35 6 10
අම්ම තාත්තගෙ සෙනෙහස
හොරා ගත්ත නුබ කවුරුද
මුලු ගෙදරම පාලු මකන නුබත්
සොයුරෙකු ලෙස නාවෙ මන්ද
එක ලය පලා නොඉපදුනට
නුබ මනුසත් කුලයේ
නුබයි පුංචි පුතු අද
නැලවෙන අපෙ නිවසේ
එක් දෑසක් නොපෙනෙන මුත්
නුබේ පියකරු ගීත නාද
අසමින් මම තැවෙමි නුබට
නිදහස අප දෙනු කෙලෙසක
කටකාර නුබෙ වචන
අසමින් දවස ගෙවන මම
ආදරෙයි අපෙ චූටි මැනික
මගේ පණටත් වඩා නුබට
පතමි මම මතු උපදිනා
සැම බවයෙකම යලීදු
එක මව් කුසේ ඉපිදෙමු
අපි සොයුරන් විලස පතා..
නදී ..✍️
Dila ???? 1 year ago ලස්සනයි අක්කා ??
නදී ..✍???? 1 year ago ස්තුතියි ඩිලා❤️
චතූ 1 year ago ලස්සනයි ❤
Naween Perera 1 year ago ලස්සනයි නදී
නදී ..✍???? 1 year ago ස්තුතියි චතු අක්කේ❤️
නදී ..✍???? 1 year ago ස්තුතියි නවීන් අයියේ ❤
ශශී❤️? 1 year ago ලස්සනයි ❤️
නදී ..✍???? 1 year ago ස්තුතියි ශශී අක්කේ❤️
Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි නදී ??
නදී ..✍???? 1 year ago ස්තුතියි දීෂා❤️