චතු ගුණසේකර ? 1 year ago 33 5 6
හැමදාම හවසට
මගෙ සිතුවිලි යන්නෙ
පැරකුම් වැව් ඉස්මත්තෙ
හීන් සැරින් හමන සුළගට දෙන්න
නෝක්කාඩු බස් නොකියම
තෙරක් නැති සිතුවිලි ගොන්න
බරක් නැතුවම අරන් යන්නෙ
මූනිච්චාවටවත් මට මොකුත් නොකියම
සුපුරුදු ගහ කොලත්
සුපුරුදු වෙරළ ,රළ දිය කදත්
හැමදාම වගෙ මුණ ගැහුනට
මට විතරක් නොකීව අමුතු රහසක් කියන්නට හදානවා වගෙ මට දැනුනා
එදා,
මොහොතකට ගහකොළකට බරවෙමින්
ගිලෙන හිරුට කවියක් මුමුණන කොට
නෝක්කාඩු බැල්මෙන් පෙම්වතුන් බලමින්
මටත් නොකියම නොපෙනෙන දුරකට යන්නෙ
මට විතරක්ම වස්සානය මියැදෙන වග ඒත්තු ගන්වන්නට වගේද මට විටෙක සිතුනෙමි...?
චතු
?
Hirusha Nirodh? 1 year ago ??
නදී ..✍???? 1 year ago ලස්සනයි ❤️
Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි ?
චතූ 1 year ago ❤
Dila ???? 1 year ago ලස්සනයි?
Kavinda Sahan 1 year ago ❤️❤️❤️