නදී ..✍???? 3 years ago 101 5 8

Nisadas Image

ආදර මගෙ පුංචි වෙත..✍

සසරෙ සුපුරුදු සෙනෙහෙ සුළගකි
හමන්නේ මා සිත වෙලා ගෙන
නුබෙම දියණිය වාගෙ මා වෙත
හෙලන්නේ කෙලෙසකද නුබේ ඔය නෙත

පුංචි සංදියෙ මා වඩා ගෙන
නැලවුවා මතකයි අද වාගෙම
පාට පාටින් ඇදුම් ගෙනවිත්
හැඩකලා මතකයි අද වාගෙම

පාතැබුව මා යොවුන් විය වෙත
තුටු සිතින් මා සමීපෙට ගෙන
නොවන්නට අතරමං දිවි මාවතේ
නිවැරදි මගක් පෙන්නුවා නුඹ

මවට පමනකි දෙවෙනි නුඹ මට
ලගම හිතවතියයි මසිත සනසන
කොනකවත් නැත සිතේ කහටක්
දිරිය දුනි මගෙ දිනුම ලැබුමට

නුබෙන් මා වෙත පිදුනු සෙනෙහෙට ණය ගැතියි මා නුඹට සැමදින
පතමි ආසිරි නුඹට අද මම වේවා නිදුකින් වැජබෙන සුබම සුබ උපන් දිනක් ......

නදී..✍️

Comments (8)

ශශී❤️? 3 years ago සුබ උපන්දිනයක් ඔයාගෙ පුන්චිට...ලස්සනයි නන්ගි.❤️

Deesha(දීෂා)❤️ 3 years ago සුභ උපන්දිනයක් ඔයාගෙ පුංචිට ? ලස්සනයි ?

නදී ..✍???? 3 years ago ස්තුතියි ශශි අක්කා❤

නදී ..✍???? 3 years ago ස්තුතියි දීෂා❤️

Dila ???? 3 years ago ? ❤

චතූ 3 years ago සුභ උපන් දිනයක්!!!? ලස්සනයි ❤

නදී ..✍???? 3 years ago ස්තුතියි ඩිලා❤

නදී ..✍???? 3 years ago ස්තුතියි චතු අක්කා❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps