Sherin Nathasha 5 years ago 86 3 2

Nisadas Image

ඇය..!!!

කුරුලු සර..අරුණැල්ල..,
නැගෙන හිමිදිරි උදේ..,
පැතුම් පොදි හිත දරා..,
යුවතියකි පිය මනින මාවතේ..,

පියකරු ය ඒ..,
වත මඩල..,
සිනහ පිරි යව්වනේ..,
කරුණාව වෑහෙනා..,
කාන්තිය නෙත් යුගේ..,

දුටු ව විට ඒ සොදුරු..,
මුව කමල..,
සකල රෝ බිය දුරුවුණේ..,
මිහිරි කටහඩ ඇහෙන මානයේ..,
හිතේ සංකා දුරුවුණේ..,

බෙහෙත් ගෙන..,
එහෙ මෙහෙ ට දුවනා..,
කඩිසර ය තුන් තිස් පැයේ..,
ළදකි ඈ මුලු ලොවම සනහන..,
පහන් සිලුව යි ඝනදුරේ..,

~නතාෂා ප්‍රනාන්දු~✒️
2019/01/27







Comments (2)

තූර්යා ඉඳුවරී 5 years ago Nice akki..??????????

Sherin Nathasha 5 years ago Thank u nangi??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps