Sewwandi Perera 3 years ago 110 5 9

Nisadas Image

සඳ තරුවක් උනී (ගණිකාවකගේ හැරයුම් ලකුණ)



කිරි කළේටම ගොමෙන් එක් බිදු වැටී කිරි කළ කැත උනී
වැටුනු නිරයෙන් ගොඩට එන්නට නිතර නිතරම වෙහෙසුනී
පිරුණු පපුවේ පහස පමණී ගැහෙන හැඟුමන් නොම දැනී
කිපුණු බඹරුන් මත් ඇතුන් ලග හුඟක් සුසුමන් ගිලිහුනී

ගරහනා හුග දෙනෙක් කලිසම් කෝට් ඇදගෙන උනී
හවස් යාමේ සරම් ඇදගෙන යහන මතටම ගොඩ වුනී
හිනාවෙන්නද එලව ගන්නද අනේ මටනොම වැටහුනී
උන්ගේ පව් කඳ මගේ ගත මත ඔහේ දියකර හින හුනී

කළත් පව්කම් වැටී නිරයේ ලිදේ උන් මැඩියෙක් වැනි
කවුද දන්නේ උහුලනා දුක ගඟට කපනවා වගේ ඉණී
රැයක් නොනිදා ලැබුව කාසිය රන් රිදී දිලෙනා මිණී
වගේ නොව මට අගේ කියවා ගන්න නොහැකිව ගොළු උනී

තෙතක් තැති මේ ලොවේ දනගෙන් නෙළාගෙන පොඩි මල් කෙමී
ලෑමේ හද ගිණි මතුව දැව්නා මලක් ඇති බව නිති දැනී
බිජුව වැඩෙනා කලදී පස යට සිහින් පතොරම් කොපු ඇනී
කෙලෙස මා එය උගුල ගන්නද අන්කුරේ පැළයක් උනී

කරපු පව් ගග සෝද ගන්නට මැණිකේ නුඹ සරණක් උනී
දනිමී සුරයෙක් ලෙසට නුඹ මගේ දිවිය කරනා බව එලී
කවුරු මොන මොන කයි කතන්දර කීවමුත් පහතට නැවී
පලක් නෑ මල ගනිමි දෝතට යලි උපන් ලෙස ගෝතමී
- සෙව්වන්දි පෙරේරා-

Comments (9)

Deesha(දීෂා)❤️ 3 years ago අනේ මේ වගේ කතා කොයිතරම් ඇතිද? ගොඩක් සංවේදී නිසදැසක් හිතට දැනුනා...

Dila ???? 3 years ago ❤️❤️

චතූ 3 years ago ලස්සනයි ❤❤?

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි ?❤️

Nethu 3 years ago Lassani ❤️

✍️Nilushi Nisansala✍️ 3 years ago හරිම ලස්සනයි ????

❤sami❤ 3 years ago ලස්සනයි ඇත්ත කියලා තියෙන්නේ .

Ranatunge Jayawardene 6 months ago අර්ථාන්විතයි. නිර්මාණය අගය කල යුතුයි. ජය !!





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps