Sewwandi Perera 3 years ago 110 6 10

Nisadas Image

නිවනයි එකම පැතුම

පාට සිව්කොන හැඩට සිත්තම් රට මවනා පින්සලෙන්
වාන් දමනා හැගුම් කඳු මල් ඇන්දේ නිතරම පැන්සලෙන්
ඉවත දුවනා අකීකරු හිත මෙල්ල කෙරුවද පන්සලෙන්
බුදුන් පුතුටත් මාර දූවරු බැල්ම හෙලුවේ පුන්තලෙන්

කසාවත වට බැදුනු සිරුරට ආල වැඩලා පෙම් සිතින්
හීන මවලා කුමට පව් කම් ලබන්නේ නුඹගේ හිතින්
නුරා රාගයේ බැදී ඇලීලා උන්නමු ගිහියෝ ගතින්
පැවදි උතුමෝ කෙලෙස් අත හැර බැදුනේ නිවනටමයි ඉතින්

බැදෙන හැම තැන ඇත්තේ දුකමයි කදුළු පිරි නෙත් සාදනා
ලැබෙන සැප නිති හදන්න්නේ පිරීහීමට මඟ පාදනා
සසර ගමනේ නොතේරුම දැඩි නිසා ගිහියෝ බෝදනා
නිරය වෙතටයි ගමන් කෙරුවේ වැටි වැටි එලි වීදනා

මගේ නැගනියේ අසාපන් මෙය හිතින් මොලයට ගෙන තදින්
අසන්වර සිත අගුල් දාලා යදම් දා තදකර බදින්
පැවදී උතුමෝ ගිහිගේ හැරදා ආවේ බුදු සරණේ මැදින්
අවසිනම් මම හිත හැදෙන්නට දෙසන්නම් බුදු බණ හදින්
- සෙව්වන්ඩි පෙරෙර-

Comments (10)

Deesha(දීෂා)❤️ 3 years ago ඇත්⁣තමයි ලස්සනයි අර්ථවත් හැම වචනයක්ම ❤

Dila ???? 3 years ago ❣️

Art Pablo 3 years ago Good job

චතූ 3 years ago ?❤❤

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි ❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️

Nethu 3 years ago ❤️❤️

✍️Nilushi Nisansala✍️ 3 years ago ගොඩක් අර්ථවත් හරිම ලස්සනයි

Naween Perera 3 years ago ලස්සනයි සෙව්වන්දි

❤sami❤ 3 years ago ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps