චතූ 3 years ago 145 6 13

Nisadas Image

නොමියෙන පෙමක්

පන්හිඳ තුඩගින් පත් ඉරුවක කුරුටු නොගෑවට...
මගෙ දෑගිලි තුඩු නිල් තීන්ත නොගෑවුණාට...
සයිබර් අවකාශයේ ආදරණීය ලස්සන තැනක...
ඇගිලි තුඩගින් කවියක් ලියන්නෙ හරි ආදරෙන් මම...

විරහ ගීයක් ඉතිරි කර නුඹ ඈතට ගියාම...
හරි ශීතලක් දැනුණා ග්‍රීස්මයේ පවා ඔය...
හරි ළෙංගතුකමෙන් හිත් කොණක තියාගෙන උන්න...
අපෙ ආදර කවියෙ අවසානය දුටුවා මම...

ඉස්සර නිතර හිත් අහසෙන් කදුළු වැහි වැටුණට...
පින්සල් තුඩගින් හිස් කොල පුරා රටා මැවෙනකොට...
භාවනාවක් වගේ ආදරණීය ඒ කලාවට...
නුඹටත් වඩා පෙම් කරන්නට ඉගෙන ගත්තා මම...

මම,
චතූ

Comments (13)

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි ඔයා සිතුවමට පෙම් කරන්න..❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි❤

නදී ..✍???? 3 years ago ලස්සනයි චතු❤️

Naween Perera 3 years ago ලස්සනයි චතූ

...චූටි... 3 years ago ලස්සනයි අක්කි ❤️

Dila ???? 3 years ago ලස්සනයි චතු ??

චතූ 3 years ago Thank you all ❤❤

Nethu 3 years ago Lassanii❤️

Madhusanka Prabhath 3 years ago ?????

චතූ 3 years ago Thank you Nethu, Madushanka ❤❤

❤sami❤ 3 years ago ලස්සනයි

චතූ 3 years ago Thnk u Sami❤

❤sami❤ 3 years ago ❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps