...චූටි... 3 years ago 94 6 6

Nisadas Image

ඉවසීම....

හුගක් කල් මං බලන් ඉන්නැති
හුගක් දේවල් දරාගන්නැති
දුකම විතරක් ඉතිරි වෙන්නැති
ඉතින් හිතටත් ඇති හිතෙන්නැති

නුඹෙ ලග මම දුක කියන්නැති
බැරිම තැන ඉකි බිද හඩන්නැති
ඒත් නොසැලී උන්නු නුඹ දැක
මමත් මගෙ හිත හදාගන්නැති

ප්‍රේමයත් හීනයක් වාගෙයි
යලිත් කිසි දවසක දකින් නැති
ඉතින් යන්නට දෙන්න අවසර
වින්ද දුක් දැන් හොදටෝම ඇති

නුඹට මා මතකයක් වේවා..
කිසිම දවසක හිත රිදෙන්නැති
මටත් නුඹ මතකයක් වේවා..
සසරේ ආයෙත් මුණ ගැහෙන්නැති.!

Comments (6)

Naween Perera 3 years ago ලස්සන අදහසක් ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ????

චතූ 3 years ago ලස්සනයි චූටි ❤

නදී ..✍???? 3 years ago ලස්සනයි ☺️

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

...චූටි... 3 years ago තෑන්ක්ස් ඔයාලා හැමොටම ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps