Sakura Dilhari 5 years ago 78 5 2

Nisadas Image

යථාර්ථය

සදතරු පායා කුමට දිලෙන්නෙද
ඝනදුර නොමැකේනම්
මල් පෙති පැහැයෙන් කුමට පිපෙන්නෙද
සුවදක් නොමදේනම්
නෙත් යුග හමුවේ සොදුරු දසුන් හැම හදවත් කළඹා නම්
කුමට නෙත් පෙනී අන්ධ ලෝකයේ
අදුර වාසනාවන්
නෙතට අහිමි රුව හදවතින් දකින්නෙමි
එය වළකන්නට බෑ
හදේ ඇදෙන රුව නෙතින් දකින රුව
හා සසදන්නට බෑ
ලෝකය උඩුයටි පෙරළී ආවත්
නෙතු පිය සෙලවෙන්නෑ
හදින් දකින ලොව නෙතින් දකින්නට
නෙත් පෙනුනාටම බෑ...
?...saku....?

Comments (2)

සිතුවිලි පාරමී 4 years ago Lassanai

amitha kumari 4 years ago good





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps