...චූටි... 3 years ago 90 5 7

Nisadas Image

සංහිද පාමුල.....

සදුන් තුරුපත් රටා සෙවණේ
සද එළිය සක්මන් කරනවා.
තනිවුන තරුවට කිසිමදාක සද අහිමිදෝ සිත අහනවා.
පැතුම් කුටියෙ පියාපත් යුග
සිත් කොනක තනි රකිනවා.
කෙම්බිම් මායිම කඩුපුල් මදහස
හිත අසපුව මගෙ හඩවනවා..

සදුට පෙම් බැදි මිලින කුමුදුනි
පැටලි සිහිනය නිදනවා.
සිහින දොරකඩ පිපුණ මල් සේ
කදුලු බිදු නෙත පිපෙනවා.
නිසල මහ රෑ සසළ කරමින්
මහද වෙණ තත් හඩනවා.
සංහිද පාමුල නුඹෙ නමින් මම
තවම පැතුමන් පතනවා......?

Comments (7)

Naween Perera 3 years ago ඒක පට්ට ❤️❤️

...චූටි... 3 years ago තෑන්ක්ස් අයියා ?

නදී ..✍???? 3 years ago ලස්සනයි චූටී❤️

ශශී❤️? 3 years ago ඒක ගොඩක්ම ලස්සනයි නන්ගි..❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ගොඩක්ම... පැතුම් ඉටුවේවි ❤?

චතූ 3 years ago ලස්සනයි චූටි ❤❤❤❤❤

...චූටි... 3 years ago තෑන්ක්ස් ඔයාලා හැමෝටම ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps