✍️කවිකාරි ✍️ 3 years ago 102 7 9

Nisadas Image

...කඩඉම...

ගොඩ ගැහුණු පොත් ගොඩක්
කදු තරම් පාඩම් ගොඩක්
දවස් හතේම ඔන්ලයින් ක්ලාස් ගොඩක්
එපා වී ඇත දැන් ඉතින් මට මහ ගොඩක්?

ලොජික් දැන් මැජික් විය
ඇරිස්ටෝටල් , දේකාත් , ප්‍රොපර්ලා
පිටු අස්සේ ලොකු
විප්ලවේකය...?

දුටුගැමුණු,වලගම්බා,මහසෙන්ලා
මරන් කන්නට හිතෙන
තරම් දැන් ඉතිහාසය
එපා වී ඇත ලියලා ලියලම?

සිංහලත් එපා වී
සුද්ද සිංහල මතක් වී
ගෙවනවා මේ දවස්
නින්ද නැති වී?

අරමුණට හබා යන්නට
වෙනවා දුක් ගැහැටයනය විදුමට
කියා හිත හදාගෙන
කරනවා හතිදාලා ඔක්කොම.?‍?
...කවිකාරි...

Comments (9)

ශශී❤️? 3 years ago අමාරුවෙන් හරි ඔයාගෙ ගමන යන්න සුබ පතනවා කවිකාරි..❤️

චතූ 3 years ago කරන්න හති දාලා ඔක්කොම ❤??

නදී ..✍???? 3 years ago දුක් ගැහැට මැද නොසැලි ඉදිරියටම යන්න .☺️

Deesha(දීෂා)❤️ 3 years ago හීන වලට යන්න ලේසි නැහැ ගොඩක් මහන්සි වෙන්න ඕනි... හොඳට ඉගෙනගන්න ❤?

Naween Perera 3 years ago ඒකට නම් රිදුනා. මම පසුතැවෙනව මට ඒ පැත්තෙන් යන්න බැරි උන එකට

✍️කවිකාරි ✍️ 3 years ago ශෂී අක්කි,චතූ අක්කි,නදී,දීශා අක්කි ස්තූති ඔයාලා හැමෝටම වචනෙන් හරි හයියක් දෙන එකට ??

✍️කවිකාරි ✍️ 3 years ago අනේ මට සමාවෙන්න නවීන් අයියේ..මන් කාගෙවත් හිත රිද්දන්න ඒක ලිව්වේ නෑ.අනික් එක පසුතැවෙන්න එපා වැරදුන තැනින් නැගිටලා යහපත් විදිහට දිනන්න පුලුවන්නම් ජීවිතේ කොහොමත් ලස්සන කර ගන්න පුලුවන්.ඔයාලා හැමෝටම ලස්සන අනාගතයක් උදා වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ??

Naween Perera 3 years ago අයියෝ නෑ නෑ මම නිකන් කිව්වෙ

✍️කවිකාරි ✍️ 3 years ago හරි අයියේ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps