...චූටි... 3 years ago 119 4 7

Nisadas Image

බලාපොරොත්තුව ...

දෙපාමුල මගෙ තබා විශ්වය
සගවගන පපුතුරේ මගෙ හිස
ඔයා මට දුන් ජීවිතේ කෝ..
අතරමග අත හැරුනි ඔය අත
බිදී ගිය පෙම් හීන විතරක්
වුණත් මගෙ තනිනොතනියට අද
හිතේ සොදුරුම තැනක තවමත්
තිබේ නුඹටම වෙන්වෙලා ඉඩ ...

ගියපු වග නෑවිදින් ඉන්නම
දැනුණු මුදු නොදැණුනා සේ මම
අමාවක කලුවරේ පුන් සද
සොයා වෙහෙසුනි බොලද පෙම් සිත
ඵලක් නැ ලෝකයම පාමුල
ඇතත් නුඹ මගෙ ලගින් නැති සද
රිදෙන තුරු ඇස් බලමි මම මග
ඔයා විතරයි මගේ සැනසුම......?

Comments (7)

Deesha(දීෂා)❤️ 3 years ago ? ගොඩක්ම ලස්සනයි ❤️

ශශී❤️? 3 years ago ඔයා විතරයි මගේ සැනසුම.ලස්සනයි ❤️

Naween Perera 3 years ago ලස්සනයි චූටි

චතූ 3 years ago ලස්සනයි ඔයාගෙ බලපොරොත්තුව ❤❤❤❤

...චූටි... 3 years ago තෑන්ක්ස් දීශා,චතූ,ශශි අක්කියො ❤️ නවීන් අයියා ඔයාටත් ?

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️?

...චූටි... 3 years ago තෑන්ක්ස් නදී අක්කි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps