Sewwandi Perera 3 years ago 127 6 4

Nisadas Image

මගේ සඳ

අඩ සඳ නලලේ දිලුනත් හැඩටම පොට්ටූ
ගන්නට සිතුනේ නුඹවයි ලගටම කිට්ටූ
මොන මොන අඩවු අල්ලලා දැම්මත් වෙට්ටූ
මායිම් නොකලේ ඇයි මැණිකේ මා තුට්ටූ

සුදුමල් දමින් හිස සරසන හැඩකාරී
ඉග සුග මිටින් ගත හැකි මට රූනාරී
මොන මොන කුලේ හැදුනත් නෑනොවැ කාරී
දවසක වෙයන් මැණිකේ මා හට බාරී

යනවිට ගමන් නෙත් සගලම බිම රන්දා
තාලේට තියන අඩියට සලබෙම සද්දා
දිගු නිල් කලබ නුඹේ උකුලේ නිති වද්දා
දිගු ලැසි ගමන හිත අරගයි මගෙ ලන්දා

පලදා නිතර මාලය ගෙල වට බැබලූ
හැඩ ඇත නුබේ දෑතට රන් වන් වළලූ
සුදු කළු අතර පැහයකි ලස්සන තලෙලූ
පුර පස දිනේ පායන නුඹ මගෙ සඳලූ

- සෙව්වන්ඩි පෙරෙර-

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ❤

චතූ 3 years ago ලස්සනයි ❤

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps