චතූ 3 years ago 122 5 8

Nisadas Image

සිතුවිලි කවිකම්

?⃟⌘࿔⃝❤__________________________________

කොළඹ අහස යට අතිනත් පටලා ⃟?
ඇවිද ගියපු මග සැමරුම් බොහොමයි
නැවත නේන්නට සිත දොරගුළු ලා
⃟?️පෙමක පසුවදන ලිව්වේ නුඹමයි...

සසර පුරාවට සෙවනැල්ලක් සේ ⃟⏳
ළගින් ඉන්න බව දිවුරා පවසා
අවරගිරෙහි හිරු සදිසි නුඹේ සිත
⃟?අතැර ගියේ මගෙ සොඳුරු හදවතයි...

පුරුදු වීදිවල ඉහළ පහළ යන ⃟?
නේක පෙම්වතුන් නිතර නෙත ගැටෙයි
අපේ මතකයේ සෙවනැලි රේඛා
⃟?මනෙත ඉදිරියේ ඇඳී මැකී යයි...

සිව් වසරක් වූ අපේ කතාවේ ⃟?
අවසන් පිටුවල කඳුලැලි බොහොමයි
සසර මගෙහි යළි කිසිදු දිනෙක අපි
⃟?නෙතින් නෙතට මුණ නොගැසිය යුතුමයි...

මම,
චතූ✍

?⃟⌘࿔⃝❤__________________________________

Comments (8)

නදී ..✍???? 3 years ago ලස්සනයි චතූ. ?❤️ හැබැයි දුක්බරයි.?

චතූ 3 years ago Thnqq නදී ❤

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි❤ සංවේදී නිසදැසක් ?

චතූ 3 years ago Thnk u deesha ❤

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

Naween Perera 3 years ago ❤️❤️

චතූ 3 years ago Thnqq shashii Akka ❤

චතූ 3 years ago Naween ayya ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps