චතූ 3 years ago 85 4 9

Nisadas Image

මිත්‍රත්වය නම්,

නොකියාම ගියාමත්
එනකල් මග බලන් හිටියා...
නොහිතාම රිදෙව්වත්
ආයෙමත් හිත හැදුවා...

නොරිදෙන්න නොතැලෙන්න
ජීවිතේ කියා දුන්නා...
වසන්තය නිමා වූ කල පවා
මල් කැකුළු ගැන සිහින මැව්වා...

රහසින් කදුළු හලනකොට
රහසින්ම හිත හැදුවා...
මතක අහසේ සොඳුරු
පාට දේදුන්නක් වුණා...

ෆැන්ටසියට එපිට
ජීවිතේ සොයා ගියා...
හුදෙකලා මොහොතවල්
අනුස්මරණීය මතක කළා...

හදවතින් බදා වැලඳ
දුක් කදුළු ඉහිලුවා...
සදාදරණීය මිතුරන් එහෙමයි
නොකියාම හිත ළග නතර වුණා...

මම,
චතූ

Comments (9)

Deesha(දීෂා)❤️ 3 years ago ඇත්තමයි ඔව් අක්කි❤ ගොඩක් ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න ඕනි

Deesha(දීෂා)❤️ 3 years ago Congratulations Chathu akki ❤?

✍️කවිකාරි ✍️ 3 years ago ලස්සනයි චතූ අක්කි ??

❤️mila❤️ 3 years ago ගොඩක් ලස්සනයි චතූ අක්කේ ?❤️

චතූ 3 years ago Thnq deesha ?❤

චතූ 3 years ago Thnqq කවිකාරි, Mila ❤❤

ශශී❤️? 3 years ago ඒක ඇත්ත චතූ...ලස්සනයි ගොඩක්..❤️?

නදී ..✍???? 3 years ago ලස්සනයි චතූ අක්කේ☺️??

චතූ 3 years ago Thnqq Shashi akka, nadee ❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps