චතූ 3 years ago 106 4 7

Nisadas Image

මනාලියකගේ සිතුවිල්ලක්

☬❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ?❤....☬❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ?....☬❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ?

මල් හීන පුරාවට
මැවුනේම නුඹේ වත
දන්නවද මහිමි නුඹ
මගෙ ලොවේ හිරු කිරණ...

වසන්තය නිමා වී
අනෙක දුක් ගැහැට මැද
ගිම්හාන සුළග යට
පවා සැනසුමයි නුඹ...

ජීවිතේ මුව දොරක
නෙත් පුරා සිහින ගෙන
මගෙ ලොවට වඩින තුරු
නොදත්තෙමි පෙම අරුම...

සොඳුරු හිතවත් සුළග
තරම් ආදර සුවඳ
ජීවිතේ පුරාවට
තැවරුවේ සොදුර නුඹ...

දිවි ගමනේ කෙලවරක
නෙතු පියෙන තුරාවට
නුඹේ දෑතේ වෙලී
රැදී එන්නම් දුරක...

අනෙක වේදනා මැද
නුඹ හඩා වැටෙන දා
කදුළු පිස නුඹේ මුව
හොවා ගන්නම් ළයට...

මා නෙතේ කදුළු කැට
නොපැතු නුඹෙ හිත් මලට
පිණි පොදක් වගේ මම
සිසිල දෙන්නම් සොඳුර...

ආදරේ පූජාව
නුඹ දෙපා මුල පුදා
සදා නුඹගේම වූ
පතිනියයි නුඹේ මම...

මම,
චතූ

☬❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ?❤....☬❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ?....☬❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ?

Comments (7)

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි ගොඩක්ම ❤

ශශී❤️? 3 years ago ගොඩක්ම ලස්සනයි නන්ගි...❤️

✍️කවිකාරි ✍️ 3 years ago ලස්සනයි ??

❤️mila❤️ 3 years ago ගොඩාක් ලස්සනයි අක්කියෝ ?❤️

චතූ 3 years ago Thnqq දීශා, ශශී අක්කා, කවිකාරි, මිලා ❤❤

නදී ..✍???? 3 years ago ගොඩක් ලස්සනයි ????

චතූ 3 years ago Thnqq නදී





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps