ශශී❤️? 3 years ago 131 6 12

Nisadas Image

හන්තාන අහස යට..

හන්තාන මීදුමට සැගවිච්ච ආදරේ
තාම තනි මකනවා හීනියට හිත් කොනේ
පොද වැස්සෙ සීතලට දුර ගියපු මාවතේ
මල් පින්න වැටෙනවා තාම පෙර දින වගේ

මහවැලිය ඉවුර ලග සද පෑයු යාමයේ
නුබ නැතිව නුබ එක්ක කරමි මම ආදරේ
නිම්තෙරක් නොපෙනෙනා සීත කදු පාමුලේ
අප පැතුම් සේදුනේ කිමද මගෙ සොදුරියේ

ලස්සනට වැතිරිච්ච නෙක පාට මල් බිමේ
දහස් පෙම්වත් හැගුම් රහසේම වියැකුනේ
සියක් වර මල් පිපෙන වසත් සමයක අගේ
විදගන්න හැකිවෙයිද නුබ එක්ක පෙර වගේ

ශශී

Comments (12)

✍️කවිකාරි ✍️ 3 years ago හන්තාන අහස යට එක් වෙච්ච පෙම්වතුන් විදිනවා පෙම් සුවද මල් අහස යට ඉදන් නුබ එක්ක ඒ දවස මමත් විදි පෙම් සුසුම් මතක් කර නුබ නැතුව මන් විදිමි සෝ සුසුම්

චතූ 3 years ago ගොඩක් ලස්සනයි ඒක ❤✍

Nethu 3 years ago මාරම ලස්සනයි ?❤️

ශශී❤️? 3 years ago ස්තූතියි කවිකාරි..❤️

ශශී❤️? 3 years ago ස්තූතියි චතූ නන්ගි..❤️

ශශී❤️? 3 years ago ස්තූතියි නෙතූ නන්ගි..❤️

❤️mila❤️ 3 years ago Lassnai shashi akke ❤️

ශශී❤️? 3 years ago ස්තූතියි මිලා නන්ගි..❤️

Naween Perera 3 years ago ලස්සනයි

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි සුදු අක්කි ✍️

ශශී❤️? 3 years ago ස්තූතියි නවීන්..❤️

ශශී❤️? 3 years ago ස්තූතියි සුදු නන්ගි.❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps