✍️කවිකාරි ✍️ 3 years ago 82 4 11

Nisadas Image

...පේරාදෙණි අහස යටින්...

මන්දාරම් අදුරු අහස යට
නුබේ අතින් අල්ලාගෙන
ගියා මම නුබ හා දුර...
මතක අස්සෙම කිමිදෙමින් මම
හැරි බැලුවෙමි
පේරාදෙණි දිහාවට...
මැවුණා චිත්තාරූපයක්
ලවන් පෙති මත සිනා රදමින්
පේරාදෙණි මල් වත්ත පුරාවට
තියේ අපි දෙන්නගේ සිනාහඩ...
මල් වත්තේ ඇති මල් පවා
දුටුවා නුබ සිප ගත්තා කියා
නෙතින් කදුලක් ගිලිහුණා
කොපුලතක් මගෙ සිපගෙන...
දෙකපුල් පිසදාගෙන
නැවත පියමං කෙරුවා මං
නුබේ ආසම
සුදු අරලිය මල ගෙන
අරන් නුබ හා තනි වන්න
නුබව වලලපු නුබේ සොහොනට...
...කවිකාරි...

Comments (11)

✍️කවිකාරි ✍️ 3 years ago කවිකාරි එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම පුංචි පණිවිඩයක් කියන්න තියනවා.මේ දින වල මම අ.පො.ස.උසස් පෙළ විභාගයට සූදානම් වන නිසා ඔයාල වෙනුවෙන් කවියක්,නිසදැසක් ගේන්න ගොඩක් අමාරුයි.?? ඒක නිසා තරහා වෙන්න එපා යලුවනේ? . ඒ වගේම චතූ,නෙතූ,ශෂී(ඔයාලා අක්කලද කියන්න දන් නෑ ඒකයි නම් දැම්මේ) ඔයාලගේ නිර්මාණ වලට comment කරන්න බැරි එකට සමාවෙන්න.තරහා වෙන්න එපා යාලුවනේ ඒකට.ලොකුකමකට එහෙම නෙමේ එහෙම කරන්නේ.හැමෝටම බුදු සරණයි.

❤️mila❤️ 3 years ago ගොඩාක් ලස්සනයි ?❤️

✍️කවිකාරි ✍️ 3 years ago Tnx mila ??

චතූ 3 years ago ඔයාට සුබ පතනවා. විභාගෙ හොඳට කරන්න ?❤❤❤

Nethu 3 years ago Godk Lassni kavikari.exm ekta wish karnwa❤️?

ශශී❤️? 3 years ago පේරාදෙණිය..? ගොඩක් ලස්සනයි නන්ගි නිසදැස..exam hodata krnn padam krnna...

✍️කවිකාරි ✍️ 3 years ago Chathu,nethu,shashi akki tnq so much ??

Deesha(දීෂා)❤️ 3 years ago නිසදැස ගොඩක් ලස්සනයි ❤ Exam හොඳින් කරන්න... හීනයට පණ දෙන්න..

✍️කවිකාරි ✍️ 3 years ago Tnx deesha ???

Naween Perera 3 years ago ලස්සනයි නංගි

✍️කවිකාරි ✍️ 3 years ago Tnx naween aiye ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps