✍️කවිකාරි ✍️ 3 years ago 90 4 7

Nisadas Image

...රෑ සදයාමේ...

සදක් සේ හිනහෙන්න
සදක් සේ පායන්න...
අමාවක කලුවරට
පුර සදව පැහැ දෙන්න...

අහස් කුස සරසන්න
තරු සමග මුමුණන්න...
සිසිල් සද කිරණ ගෙන
මගේ ගත දෝවන්න...

ඔබේ සද කිරණ ගෙන
මම කුමුදු මල ලෙසට...
ඔබේ මුදු පහස ලැබ
පිපෙමි රෑ සදයාමේ

තුන් ලෝකයට රහසින්ම...

...කවිකාරි...

Comments (7)

චතූ 3 years ago පත්ඉරුව පුරාවට කවි වලින් පුරවන්න... කවිකාරියේ සුහද මේ ඉම ම සරසන්න...

චතූ 3 years ago හුදෙකලා පිටු පුරා මිහිරි රස තවරන්න... මග බලා සිටිමි තව නුඹේ කවි කියවන්න...

✍️කවිකාරි ✍️ 3 years ago මගේ කවි රස විදින ඔබේ සිත් සනසන්න... කවිකාරි ඔබ සමග සිටිමි ජීවත් වන තුරාවට??

Tishal Akeesha 3 years ago ???

හිතුවක්කාරී 3 years ago හරිම ලස්සනයි හැමදාම මෙහෙම කවි හදන්න

චතූ 3 years ago ?❤

Nethu 3 years ago ❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps