චතූ 3 years ago 101 3 2

Nisadas Image

නුඹට,

අවුරුද්දක්ම මෙහෙම
තටු ලත් සේ ඉගිල ගියා...
මම ලිව්ව සොඳුරු
ජීවන පිටුත් පිරී ගියා...

මදහස පවා අරගෙන
නුඹ මගෙන් ඈත් වුණා...
මතක එක්කම මේ වසර
මමත් ලියලා ඉවර කරා...

එදා මම එහි නේන්නට
අපි හමු නොවෙන්නට තිබුණා...
දෙතැනක උන් අපිට අපි
නොහිතාම ගොඩක් ළං වුණා...

නොගැළපෙන පද ඉතින්
අවසානෙදී මැකුවා...
ඉතුරු වුණේ හිත පමණයි
මතක හුස්ම බර කළා...

තරහක් නැහැ නුඹට මම
මතක ලස්සනයි එකතු කළ
ආයෙත් නොලියන ඒ කවියට
ලෝබකමක් නැහැ හිත යට...

ජීවිතේ එක අවුරුද්දක
යහළුකම ආලයකට පෙරලුව...
දෛවය වෙන්නැති වැරදිකරු
නුඹ නෙවෙයි වැරදි මේ කදුලට...

මම,
චතූ

Comments (2)

Dila ???? 3 years ago Lassanai ❣️

චතූ 3 years ago Thank you Dila ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps