චතූ 3 years ago 85 2 2

Nisadas Image

ආදරණීය සිබිල් නැන්දා

කෙලිබරම ළමා හිත
නුඹ තරම් හදුනාපු
කිසි කෙනෙක් නැතුව ඇති
ජීවිතේ රසවිදපු...

සුන්දරම ළමා විය
සිතුවමට පණ පොවපු
තේරෙන්නේ නැහැ ඉතින්
කොහෙන් ආවද අකුරු...

පුදුම සිතුවම් අතර
නෙත් පවා මත් කරපු
මහළු හිතකට පවා
ළමා හිතුවිලි දීපු...

වේදනාවට දුකට
තරහවට ඉඩ නොමැති
නුඹෙ කතා අතර මම
දුටුවෙ රන් දෙව්ලොවකි...

මට අහිමි වුණත් මම
ආදරෙන් සිත් බැඳපු
ලස්සනම ළමා ලොව
නුඹයි සිතුවම් කරපු...

සිබිල් නැන්දේ ගියත්
මතක හැරදා දුරක
නුඹ සදා පණ ගැහෙනු
ඇත පුංචි හිත් තුලම...

නුඹ දිනෙක පැතූ සේ
නුඹෙ ආත්මය ඈත
අහසෙ පියඹා යාවි
සුරගනන් මැද රෑක...

මම,
චතූ

Comments (2)

❤️mila❤️ 3 years ago ඒකනම් ඇත්ත ?

චතූ 3 years ago ම්...❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps