චතූ 3 years ago 121 1 2

Nisadas Image

මම කවියට ප්‍රේම කරමි. හෘදයංගම කවිය කියවා රසවිඳිමි. හැගෙන දැනෙන දේවල් කවි කරමි. කවි අතර මා සොයා යමි.

2020 උඳුවප් මස 29 වැනි දා අඟහරුවාදා
ප.ව. 10.22 යි... ✍

මම යනු,
____________________________________?____

ජීවන කවිය යළි යළි තව ලියනකොට
සමහර වචන පද වැල් මැකුවා නැවත
හරි ලස්සනයි හිතවත් යැයි සිතුව තැන
සිතු දේවල් තිබුණා දැයි සැකයි තව

හිතට දැනෙන හැඟෙනා දේවල් ගොන්න
කුරුටු ගාන අපූරු කවියන් අතර
කවිය තරමටම සුන්දර හිත් දැරුව
පුදුමාකාර කවියොත් දුටුවා මනෙත

කවියෙක් කියා මම මට නොකියමි තවම
සිතුවිලි කුරුටු ගානා ජීවියෙකි මම
කියවා මිහිර විඳගන්නට මෙන් ම ඔය
කවි පද කුරුටු ගෑමට හරි රිසියි හිත

බොහෝ සොඳුරු කවිකම් කියවලා ඇතී
ඒ මිහිරට මගෙ සිතුවිලි බැඳිලා ඇතී
ඒ කවි ගැන හිත ලොබ වූ නමුදු බැඳී
කවිය එහි තබා රස පමණක් ගනිමී

ගසක මලක් පිපිලා සුවඳක් දෙද්දී
ආසයි නෙළන්නට මල ලස්සනයි සිතී
මලෙහි අයිතියක් ඇත්තේ ගසට නිතී
සුවඳ පොදක් පමණක් විඳ පිටව යමී

මහිත ලෝලකම් කරනා දෙයක් වෙද
කුරුටු ගාන්නම් කහටක් නැතිව තව
අයිති නොවෙන ඉඩම් වලට ඉතින් ලොව
රහසින් ඔප්පු නොලියන කවියෙක් ය මම

මම,
චතූ
___________________________________?✍___

Comments (2)

Nethu 3 years ago Excellent chathu akke.?

චතූ 3 years ago Thnq nethu❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps