චතූ 3 years ago 119 3 2

Nisadas Image

අන්තර්ජාලයේ තිබී කියැවූ කවි පන්තියක්. මම එයට විශේෂයෙන් කැමති නිසා සටහන් කර තබන්නට සිතුවෙමි...✍

? මෙහි රචකයා නිරෝෂන් නම් විය...? මම පෞද්ගලිකව මෙම කවි පන්තියට බොහෝ කැමැත්තෙමි. කියවීම සහ රසවින්දනය යනු හුදෙක් ම ආත්ම තෘප්තිය හා බැඳි දෙයකි.

මම ලියූ දෙයක් මගේ යැයි කියා එය කියැවීම සහ ලිවීම මට තෘප්තියක් සේම අන් අයෙකු ලියූ දෙයක් අන් අයෙකුගේ බව සඳහන් කරමින් එය පොදුවේ රස විදීම මට තෘප්තියකි.❤ හුදෙක් රසවින්දනය සඳහා ම මෙසේ මෙම උපුටා ගැනීම මෙහි දක්වමි. ✍

❇️❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇

ජීවිත පොතේ අවසන් පිටු තුන හතර
ඔත්පල දෑස් කියවාගෙන යන අතර
පිං පඩි හලේ පඩි ගණිනා අතරතුර
පඩි පෙළ පාමුලේ නුඹ හැර මතක දොර

කෙහෙරැළි කොහෙද නළලේ සිට දග කරන
ඇති කෙස් ටිකත් සුදු පාටක් තවරගෙන
සුන්දර සිනාවක හැම තැන ඉරි තැලුණ
ජීවිත පොතේ මැද පිටු හිත පාරවන

අප තැනු මාලිගා අහසේ තාම ප්‍රියේ
වෙව්ලන දෑත්වල දහසක් රහස් තියේ
සිතුවිලි පර වුණත් සෙනෙහස තාම ළයේ
යව්වන සුවඳ සුළි සුළඟට ගසා ගියේ

මසකට වරක් පිං පඩි දා මුණගැහෙන
හැම පෝයටම මට එක්කම මල් ගෙනෙන
ඔබ මම තවම මේ සසරේ බර අදින
පෙම් යුවළක් ය තනි තනිවම දිවි ගෙවන

පිං පඩි ගන්න පෝයට සිල් අරගන්න
ඔබ දැකගන්න මතකයෙ දොර ඇරගන්න
මේ දුක සතුට ගෙන ආයෙත් ඔබ එන්න
තව පිටු කීපයයි කියවා නිම වෙන්න

Comments (2)

ශශී❤️? 3 years ago ඒක ගොඩක්ම ලස්සනයි සන්වේදි වචන පෙලක්.❤️

චතූ 3 years ago ?♥





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps