Nethu 3 years ago 91 5 6

Nisadas Image

~සුදු නෙළුම ~

තුෂර පිනි බිඳු වැටෙන අඹර
මඳ සුළඟ සිප ගැනෙන මකරන්දයේ
මල් ගොන්නක් අතර වැතිරුනෙමි
මා ඉන් තනිවී....
නෙතගින් නැගෙන සිහින් ඉකිය
සංසාරයේ හැන්දෑවක කෙදිනක හෝ
හමු වී ඇතැයි සිතට දැනෙනුයේ හුරු බවකි.....
භාවාත්මක හැඟුමන් සමග පොදබඳින නිල් කැට දහරාව තනිකම නිවාලයි....
නා නා වර්ණයන් අතර ධවල සිත්තමින් සිත් සනහන, පහන් හැඟුමන් ගෙන විකසිත වන අහිංසකාවිය මා වෙම්
~සුදු නෙළුම~

Comments (6)

චතූ 3 years ago හරිම ලස්සනයි නෙතූ❤

ශශී❤️? 3 years ago ගොඩක්ම ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි නෙතූ

Nethu 3 years ago ☺️❤️

❤️mila❤️ 3 years ago ලස්සනයි නෙතූ ❤️

Nethu 3 years ago ❤️?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps