Sewwandi Perera 3 years ago 80 4 4
ඒකාල අපි පෙම් කරේ ඇහැක් ලෙස මග රැකන්
වසන්තය ආවමුත් දිව්වේ නෑ රොන් අරන්
ඉද හිටලා පැටලිච්ච දෑත් දෙක ගුලි කරන්
හාදුවක් දුන්නේ මන් නලලටයි ලන් කරන්
එලෙසටම ජීවිතේ පෙම් කවිය ලියමිනා
වරක් දෙවරක් නොවේ ආදරේ ලියලුනා
දරන්නට බෑ මැනික ඒ හීන පාරනා
නුබේ දිග කෙස් කලබ මුඩුම කොට පෑදුනා
දින ගනන් සති ගනන් නොදැක මට බැරි උනා
ඒ නිසයි ආවේ මම තටුත් නෑ පියබනා
පිටත් වී එන විටත් අමුත්තක් වැට හුනා
නොදැනීම නොහැගීම පමාවට බර උනා
හීනියට ඇස් මත්තේ කදුලු කැට පටලුනා
නුබේ සුදු මුහුන අද කලුදියෙන් වෑහුනා
සිනාසෙනෙ නෙතු සගල බරකරන් පිය උනා
අනේ මගෙ සුදු මැනික පස් යටම වැලලුනා.
Geethanjalee 3 years ago ??
ශශී❤️? 3 years ago ලස්සනයි ❤️
චතූ 3 years ago අනේ... ලස්සනයි ?
Deesha(දීෂා)❤️ 3 years ago අනේ දෙවියනේ ❤️❤️❤️❤️ පද ගැලපීම ගොඩාක් ලස්සනයි හදවතට ගොඩක්ම දැනුනා ?