ශශී❤️? 3 years ago 132 4 6

Nisadas Image

ඉපදී මැරෙනා බියකරු සසරට ඇයි අපි මෙතරම් ලොබ වන්නේ

කාල වර්ණ පිරි වලාකුලින් බර
මිහිදුම් නැගෙනා රෑ යාමේ
විලිබර සද ඔච්චමට හිනාවෙයි
තරු කැට ගිලිහුනු ආකාසේ
නේක රුවින් දිලි කනාමැදිරි එලි
අදුරට පරදින තුන් යාමේ
මනුසත් ගුන දම් වියැකී යයි නිති
දුදනන් රජ වෙන මේ ලෝකේ...

කලු සුදු පාටින් මිනිසුන් මැවෙනා
මනුසත් කම් නැති මේ ලෝකේ
දුදනන් රජ වෙයි සසරින් සසරට
අරාජිකව මේ හැම බවයේ
දෙවියන් දකිනට පව්කම් කරමින්
ජීවය යදිනා රග මඩලේ
ඉපදී මැරෙනා බියකරු සසරට
ඇයි අපි මෙතරම් ලොබ වන්නේ...

ශශී



Comments (6)

චතු ගුණසේකර ? 3 years ago ඒක නන් ඇත්ත.. ලස්සනයි අක්කි නිසදැස

ශශී❤️? 3 years ago Thank u nangi ❤️?

Deesha(දීෂා)❤️ 3 years ago Wooow akki ගොඩක්ම අර්ථවත් ❤️??

චතූ 3 years ago ලස්සනයි ඒක ❤❤❤

Dila ???? 3 years ago ලස්සනයි අක්කා ?

ශශී❤️? 3 years ago Thnk u nethu,chathu,dila ❤️?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps