Sewwandi Perera 3 years ago 144 3 4

Nisadas Image

පරවුනු මල

තිසරුන් පමනි දුටුවේ ඇද මතදි එදා
නැතිවත නෙතින් දුටුවේ වැටි කදුලු මෙදා
හිතකින් නොවේ ආවේ නුබ සමග බදා
එදිනෙන් පසුව දුකමයි මට ඉතිරි සදා

ලන්සුව තබන මත් බබරෙකු පැමිනීලා
කාසිය තැබුවා අත කිසිවක් නොඅසාලා
පහසට පමනි හිත ඔහුගේ පැහැදීලා
පෙති පොඩි කලා මල මත ඔහු ගුලිවීලා

සුව කරගන්න මා ආදර ප්‍රිය සැමියා
කවුරුත් නොකෙරුවේ පිහිටකි වී දෙවියා
බන කිය කියා නාගයා නිති හැව අරියා
බේරෙනු කෙලස මා අසරන වී ඉදියා

ගැහැනිය අසරනයි හිතමිතු නොමැති විට
සරනක් අවැසි මයි කාගෙත් ප්‍රිය ලෙ
සට
විසුමක් නොමැත කවුරුන් හෝ නැති විලට
ගොදුරක් වෙන හැඩයි කාගෙත් උගුල
කට

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ම්ම්ම් ඇත්තමයි වටිනා නිසදැසක් පද ගැලපුම ලස්සනයි

චතූ 3 years ago ලස්සනයි ❤❤❤✍

ශශී❤️? 3 years ago ගොඩක්ම ලස්සනයි වටින අදහසක්.❤️

Sewwandi Perera 3 years ago ස්තූතී හුගක් ???





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps