තූර්යා ඉඳුවරී 5 years ago 160 4 0

Nisadas Image

යථාර්ථය

දුක සතුට සමව පිරි
කඳුළ මෙන්ම සිනහවද
හොරෙන් සිතට එබිකම් කරන
ජීවිතය නමැති මංතලාවේ
බලාපොරොත්තු ඉටුකර ගැනීම යනු
කාන්තාරයේ සිසිලසක් සොයන්නාක් මෙනි..
බලාපොරොත්තුව කුමක් වුවත්
අපට නොලැබෙන දේ අපමණ වුවත්
නොලැබෙන දෙයට වඩා
ලැබෙන දෙය ඉතා අගනේය..
මෙදියත දහම එය බැවින්
දුක සතුට සමව විඳ දරා
තමා සතු දෙය ගැන
සෑහීමකට පත්වීම
නුවණැති පුද්ගලයාගේ ලක්ෂණයයි....

.......තරූ සමනළී......

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps