Tharindu Rukshan 3 years ago 112 3 7

Nisadas Image

නොකී කතාවක්

කදුලු නැතිලු මේ පිරිමි ඇස් යට....
රළු හිතත් උනු වෙනව දවසක....
ලොවට නොපෙනෙන පිරිමි හිත ලඟ....
කදුලු ඇත සාගරේ විලසට....

පිරිමි හිත හදුනනා ගැහැනිය....
රැක ගනි ඔහු ලොවක් විලසට....
එහෙවු ගැහැනිය මගේ මව විය....
ජීවිතේ දුන් දේවතාවිය....

දිනක මා හා පෙමෙන් වෙලෙනා....
සිතේ කදුලට සිනහ ගෙනෙනා....
තව කතක් ඇත ලගම රැදෙනා....
ඇයයි මාගෙ බිරිඳ සැමදා....

රුක්ෂාන්...

වැරදි දෙයක් ලියුවනම් සමාවෙන්ඩ ඒත් හිතට දැණුනු දෙයක් මේ ලියුවෙ. පිරිමියෙකුට දුකක් දැනෙන් නැත්තේ නෑ දැනෙනව. ඒත් ගොඩක් වෙලාවට ඇස් දෙකෙන් කදුලු එලියට දාල දුක පෙන්නන්නේ නෑ. තනියම හිතින් අඩල තනියම දුක නිවා ගන්නව.

ඒත් මේ ලෝකෙ පිරිමියාව තේරුම් ගන්ඩ දෙන්නෙක් ඉන්නව ඒ එක්කෙනෙක් අපිට ජීවිතේ දුන්නු අම්මා. අපි කොච්චර ලොකු උනත් අපේ දුක අම්මට තේරෙනව. අපිත් මොන වයසක හිටියත් දුකක් දැනුනාම අම්මා ලගට යන්නේ ඒ නිසයි.

අනිත් කෙනා අපේ ජීවිතේ ලස්සනට හරි ගස්සන බිරිඳ. හැබැයි ස්වාමියාට ආදරේ බිරිඳ ගැන මම කීවෙ. එහෙම බිරිඳක් කියන්නේ ස්වාමියාට වාසනාවක්. අම්මාගෙන් පස්සෙ පිරිමි හිතක් තේරුම් ගන්ඩ පුලුවන් එකම කෙනා. අවන්ක බිරඳයි.



Comments (7)

Nawodya Dissanayake 3 years ago ඒක හිතට දැනෙන විදිහට ලියලා තියෙනවා..ලස්සනයි...වැරද්දක් පෙනෙන්නේ නෑ මටනම්

චතූ 3 years ago ලස්සනයි ???❤

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක් ලස්සනයි හදවතටම දැනෙන වචන ?????

Tharindu Rukshan 3 years ago Thank you ??

ශශී❤️? 3 years ago අනිවාර්යයෙන් ලස්සනයි ගොඩක්ම ??

චතු ගුණසේකර ? 3 years ago ඒ වචන හදවතට දැනෙනෝ..ලස්සනයි නිසදැස

Tharindu Rukshan 3 years ago Hemotama thank you.❤❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps