චතූ 3 years ago 98 4 4

Nisadas Image

හිතුවක්කාර හිත

ප්‍රේමයට ඉඩක් යළිත් නොදෙමි යි
මම මටම ගිවිසා ගත් නමුදු
ඔය නෙත් අතර හිරවෙන මොහොතකට
හදවත නුඹට කවි ලියයි සිතුවිලි පවුරු බිද...

ආසයි හුදෙකලා හීන තුළම
ලොවට රහසින් ජීවත් වෙන්න
නමුත් නුඹ දෙනෙත් දකින මොහොතේ
හිත දුවයි නුඹේ වත සොයන්නට...

ආසයි ප්‍රේමයෙන් වෙන් වී
සදාකාලික තනිකමක රස
තනිව විදිමින් තනිව සොයමින්
හුදෙකලාවට පෙම් බඳින්නට...

නමුත් ඔය දෙනෙත් මා වෙතට
මානන සෑම මොහොතකම
ආසයි නවතින්න ඔය හිත මත
සිතුවිල්ලක් ව සදාකාලිකවම...

ප්‍රේමය කටුකයි රළුයි මම සිතුවද
නුඹ දුටු සෑම මොහොතකම
ආසයි වෙන් වෙනවා නම්
ඔය හිතේ ඉඩක් මා වෙනුවෙන් ම...

අන්සතු බව හැගෙනකොට
සිත හොරෙන් ඉකි බින්දට
අහිමි අපූරු සෙනෙහසක් පූදින හැඩයි
නුඹ වෙනුවෙන් අනවසරයෙන් මා තුලම...

නුඹට වෙන්වූ නුඹට පේවූ
පෙම්වතියක් ඇතැයි සිතුනත් තනි හිතට
ආසයි නුඹ ගැනම සිතන්නට බල කරන
මගෙ දේදුනු පාට හිතුවක්කාර සිතුවිල්ලට...

මම,
චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ? හ්ම්ම් හිතුවක්කාරයි තමයි ඒ සිතුවිලි ලස්සනයි ගොඩක් ❤️

ශශී❤️? 3 years ago ගොඩාක් ලස්සනයි ❤️

චතු ගුණසේකර ? 3 years ago ?♥️ලස්සනයි චතූ

චතූ 3 years ago Thnqq ❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps