චතූ 3 years ago 85 3 6

Nisadas Image

නුඹට රහසින් නුඹේ කුටිය අද්දර නැවතී සොරා ගනිමි මගෙන් උදුරා ගත් හදවත...

දෙසැම්බරයේ හමන සීතල සුළඟ
හිතට ගොඩ ගහගෙන ආ මතක කවිය
කදුළු පිරවූ පොතක ලියනු වස්
අදුරු මුල්ලක් සොයා යමි තනිව...

ග්‍රීස්මයට හිරු ගිනි ගන්න
දහවලට ගස් මල් පවා පිච්චී හඩන
දහවලේ ගිනියමට සුව සදන
සීතල අරන් ඇවිත් රෑ පුර හඳ...

ජීවිතේ නෙක පැතුම් අතරේ හොයන
මටත් අහිමි වූ පුදුමාකාර මම ගැන
මමත් නොදන්නා කවියක් ලියමි මම
මේ තමයි අවුරුද්දේ අවසාන මාසය...

අපි අපෙන් වෙන් වී ගියපු මග
අට මසක් පිරෙන හෙට දිනයට
හිතුමතේ කතා කරන මගෙ හිතට
මමත් කිව්වා හිටපන් ඔහොම ඉවසගෙන...

ජීවිතේ හරි පුදුම කතාවක එක පිටුවක
මටත් හිමි නොවූ කවක් ලිවුවා තනිව මම
අදහන්නට නොහැකි තරමටම මේ මටම
හැම පදයක්ම ලියා තිබුණේ මම ඇදට...

එළිසමය හෝ පද ගැළපීමක් නැතිව
අකුරෙන් අකුර මම වැරදියට ලිව්ව
මගේ නෑඹුල් ප්‍රථම පුදුම කවිය
හරි ගැඹුරට හිතේ නම් ලියැවිලා තවම...

දුන්නු ගින්දරට පිච්චිලා ගියපු හිත යට
අළු අතර හිනාවෙන සුදු පාට පිටු කෑලිවල
අරුම ප්‍රේමයක් ලියැවී තිබුණු බව දන්නවද
ඒ සෙල්ලක්කාර ආදරේට තවම ආදරෙයි මම...

හීන විසිරුවා දමන සිතුවිලි සුළගත් එක්ක
හැකි නම් මටත් පාවී දුරක් එන්න
නුඹට රහසින් නුඹේ කුටිය අද්දර
නැවතී සොරා ගනිමි මගෙන් උදුරා ගත් හදවත...

මම,
චතූ

Comments (6)

Deesha(දීෂා)❤️ 3 years ago අනේ ? ලස්සනම ලස්සනයි

Madhusanka Prabhath 3 years ago Wow ❤?

ශශී❤️? 3 years ago ගොඩාක්ම ලස්සනයි චතූ❤️

චතූ 3 years ago Tnqqq❤?

Nawodya Dissanayake 3 years ago පට්ට...?

චතූ 3 years ago Thnqq?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps