චතූ 3 years ago 105 4 4

Nisadas Image

පළමු කවියා නෙවෙයි මම එය කරපු

සෙයිලමේ ඉතිරි කරපු
මතක එක්කම හිතට ගොඩ ගහපු
අතීතයත් මුහුදු රළක් ලු
හිත් වෙරළෙ වැලි මාලිගා ආයෙත් බිදියිලු

යෞවනය ගෙනා හීනවල ඇහිදපු
ලස්සනම මතක කවි කදුළු
නෙතට එන්නෙ හෙමිහිටලු
හදා ගත්තු හිතටත් හොර රහසෙලු

කාලෙන් කාලෙට ඇවිත් ගියපු
සුළග කවදත් එක වගෙයිලු
මතක එක්ක අහසට දුවපු
මගෙ හිතත් ඒ තරම් ම සෙල්ලක්කාරයිලු

උපදින්නත් පෙරම වියැකුණු
මියැදුන සකුණ විජිතය හරි සොඳුරුයි ලු
කුරුල්ලා නාවත් එදා මවපු
හීනත් එක්ක කිරිල්ලි ඊයෙත් හිනාවුණාලු

නෙත් සිත් පුදුම කරපු
අනවසර ප්‍රේමයක බැදුනේ රහසින් ලු
අපිත් අමුතුම කවියක් ලු
නොගැළපෙන පද දෙකක් වගේ ලු

ලෝකෙම එපා කියපු
නොගැළපෙන පද දෙකක් එක ළග ලියපු
අමුතුම කවියක් ගොතපු
පළමු කවියා නෙවෙයි මම එය කරපු

මම,
චතූ

Comments (4)

ශශී❤️? 3 years ago හ්ම්ම් ලස්සනයි ගොඩක් ?❤️

චතු ගුණසේකර ? 3 years ago ලස්සනයි චතූ අක්කී

Deesha(දීෂා)❤️ 3 years ago ම්ම්ම් ලස්සනයි ගොඩක් ❤️

චතූ 3 years ago Thanks ???❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps