චතූ 3 years ago 103 7 8

Nisadas Image

ප්‍රේමය?

මොනතරම් ප්‍රේමයක්
තිබුණා වුණත් ලොව
බොහෝ පෙම් හිත් ඉතින්
වෙන් වුණා අන්තිමට

හද පුරා ආදරේ
පිදුවා වුණත් ඔය
කන්නගිය හැර දමා
කෝවලන් නොගියාද

රාධාට ප්‍රේමයෙන්
අතීතෙට එක් වුණත්
පෙම්වතියො හරි ගොඩක්
හිටියාලු ක්‍රිෂ්ණාට

කද දෙවියො වුණත් ඔය
පෙම් කරත් කාලියට
සරණ පාවා ගත්තෙ
තේවානි අම්මාව

මුම්ටාස් සිහි කරන්
ටජ් මහල් තැනුවාට
සාජහන් රජුට තව
බිසෝවරු නොහිටියාද

මනමේ කුමාරිය
පෙම් කළත් කුමරාට
නිසගයෙන් වැද්දෙකුට
කඩුව දුන්නා නොවෙද

රෝමියෝ ජුලියට්ට
පෙම් කරත් හැබෑවට
දෛවයෙන් ඒ දෙහද
වෙන් කළා සදහටම

ඉසුරුමුණි පෙම් යුවල
ගලින් නෙලු නිසා ඔය
එදා අද පුරාවට
ඉන්න ඇති එක තැනම

මම,
චතූ

Comments (8)

Deesha(දීෂා)❤️ 3 years ago Wooow akki vey nice ❤❤❤❤?

චතු ගුණසේකර ? 3 years ago ඒක නන් ඇත්ත ,ලස්සනයි නිසදැස

චතූ 3 years ago Thanks ??

✍️Nilushi Nisansala✍️ 3 years ago ලස්සනම ලස්සනයි ,?????

ශශී❤️? 3 years ago ගොඩාක් ලස්සනයි නන්ගි ❤️

චතූ 3 years ago Thnqq ❤❤❤❤

thanya priyadarshana 3 years ago හිත් ගලේ මන්කෙටුවා..., ඔහුගෙත් මගෙත් පෙම, වියැකිලා ගියත් ඔහු..., මෙතරම්ම ලැතැවුල, ඒනිසා වෙන්න ඇති, මේ හිතට නිදි නැතිව

චතූ 3 years ago Mmm...තාන්‍යා❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps