චතූ 3 years ago 97 7 6

Nisadas Image

මතක විනිවිද

සංසාරේ නොහදුනනා තැන්වල
නාදුනනා ඇස් දැකලා ඇතී...
සන්තානේ නෙක සිතුම් පැතුම් මල්
පිබිදී යළි මියැදෙන්න ඇතී...

හන්තානේ කඳු පුරාවටම නෙක
ආදර කවි ලියැවෙන්න ඇතී...
මල් යායේ නොපිපුණු හැම මලකම
නොකියූ කදුලක් තිබෙනු ඇතී...

නෙත් පහසේ නෙක ආදර කුසුමන්
පිබිදී මියැදී යන්න ඇතී...
හොර රහසේ නොලියූ එකිනෙක ගී
අතීතයට එක් වෙන්න ඇතී...

පෙර දවසේ අප ආ ගිය මග තොට
තව උන් තවමත් යනවා ඇතී...
හන්තානේ ගිරි ශිඛර පවා තව
අපේ කතා මුමුණනවා ඇතී...

මම,
චතූ
2020 නොවැම්බර් මස 18 වැනි දා
ප.ව. 8.22

Comments (6)

Deesha(දීෂා)❤️ 3 years ago ? ඔව් වෙන්නැති... ලස්සනයි ගොඩක්ම ❤✍️

චතු ගුණසේකර ? 3 years ago ලස්සනයි අක්කි

චතූ 3 years ago Thanqq?❤

✍️Nilushi Nisansala✍️ 3 years ago ගොඩක් ලස්සනයි ????

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

චතූ 3 years ago Thnkuuu❤❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps