චතූ 3 years ago 96 4 6

Nisadas Image

සිත්තර මනාලිය

මල් කළඹ වූයේ
පින්සල් පොකුරයි ඈට...
මල් පැහැය පැරදූ
නේක වර්ණ තිබුණි එහි යසට...

පති කුලය අසබඩ
පාට ගෑ ජීවිතේ සොයා යන...
නෙක වර්ණ සිතුවමින්
ජීවිත සිතුවම් කරන...

සිත්තර මනාලියයි ඈ
කුලගෙය තුළ කදුළු නොදකින...
දේදුනු පැහැ සායම් ගෙන
කදුලින් දිය කර අදින...

ඇගේ ජීවන සිතුවමට
මිලක් දිය නොහැකි වේ කිසිදින...
දිනෙක ළපටි පුතුන් පිරිවරා හිදින
සිතුවමක් මැවේවි ඇගේ දෑතින්ම...

සිත්තරුන් හිත්වල කදුළු නැත
උන් ඒ කදුළු දිය කර සිතුවම් කර ඇත...
සිත්තර මනාලියක් පතිකුලයට ගිය දිනෙක
ලොවට කිසිදා ඇගේ කදුළු නොපෙනෙනු නිසැක...

ජීවිතේ පාට ගෑ හීන පුරාවටම
අවසානයක් නොමැති ඇගේ වර්ණිත සිතුවිල්ල...
යළි යළිත් හද කැන්වසය මත
ඉපිද ඉපිදී වර්ණ උරාගනු ඇත...

සිත්තර මනාලියයි ඈ
නෑඹුල් ම තාරුණ්‍යයට උරුම සිනහව...
සිහිනිග මැකී යන අවරගිර දිවි හෝරාවේ පවා
ඇගේ වත මඩල මත සිතුවම් ව තිබෙනු ඇත...

මම,
චතූ
2020 නොවැම්බර් මස 20 වැනි දා
පෙ.ව. 11.20

Comments (6)

Deesha(දීෂා)❤️ 3 years ago ?❤ ලස්සනයි

චතු ගුණසේකර ? 3 years ago Beautiful

චතූ 3 years ago Thnqq?❤

ශශී❤️? 3 years ago ඔයා තමයි සිත්තර මනාලි ??

චතූ 3 years ago හෑ?

චතූ 3 years ago ??❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps