චතු ගුණසේකර ? 3 years ago 105 5 9

Nisadas Image

නුඹ වෙමි?

ඒ පන්හිද මම නම්,
මගේ අතින් ලියූ කවිය නුඹ වෙමි....

ඒ වචන පද නුඹ නම්,
සිතුවිලි සොරා ගත් යටිහිතද නුඹ වෙමි.....

පුරහද රැයක සොදුරු අහස නුඹ නම්,
කවියොන්ට පද එක්කල සොදුරුතමයද නුඹ වෙමි....

අමාවක සද යට කඩා හැලෙන තනි තරුව නුඹ නම්,
ප්‍රාර්ථනාවන් ගයන්නට ඉඩක් දුන් ඉන්ද්‍රජාලියාද නුඹ වෙමි....

සෙනෙහස ප්‍රේමය මායවක් වුනි නම්,
ඒ මායකරුද නුඹ වෙමි...

මතක එක්කම හීන මැවු මසිත තිවුනි නම්,
හීන යට සැගවුන ආගන්තුකයද නුඹ වෙමි.....


චතූ
13/11/2020
ප:ව:7.00ට

Comments (9)

Deesha(දීෂා)❤️ 3 years ago නුඹ ❤️ ගොඩක්ම ලස්සනයි ✍️?

චතු ගුණසේකර ? 3 years ago Thanq akki

චතූ 3 years ago ලස්සනයි අදහස

චතූ 3 years ago 'නුඹ' - 'වෙමි' උක්තයට සාධාරණයි ද ආඛ්‍යාතය??

චතු ගුණසේකර ? 3 years ago ආඛ්‍යාතය හරියට දැම්මාම,කවිය ගැලපෙන්නෙ නෑනෙ ☺️

චතු ගුණසේකර ? 3 years ago අඛාතයට ගැලපුමක් පලවෙනි පද පේලියෙ ලාවට තියෙනවා..ඒකට අනුරූප කරගෙන අනිත් ටික හැදුවෙ..☹️

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

චතූ 3 years ago ම්...?

Geethanjalee 3 years ago ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps