චතු ගුණසේකර ? 3 years ago 86 4 6

Nisadas Image

අනියම් පෙම

ප්‍රේමයේ කවටකම් ඉතින් සාධාරණද ?

අමුත්තක් දැනුනා ලගකදි ඉදන් සිතට
හිතුවේ නැ කාරණාව මෙයයිද කියා මටම
හේනෙ පැලේ පැල් රැක්කෙ බත සපයන්න නුඹට
ප්‍රේමයට කවටකම් කෙරුවේ ඇයි මෙමට........

රෑ මැදියමේ ගෙට ආවෙ කව්ද?
මං නැති අඩුව ඌ පිරිමැහුව එක හරිද?
මටත් හොරා ලේ කැටියෙක් බඩට ආවෙ කොහොමද ?
කියපන් කාරණාව නුඹ දන්නේ නැද්ද?

කඩ අයිනෙ කසු කුසුව මම අහන් උන්නා
රෑ මැදියමේ ගෙට රිංගුවේ මහතුවා බව දන්නා
නඩුකාර හාමුදුරුවනේ ඉවසන්නට බැරුවා
වෙල අයිනේ මායිමේදී මං ඌට කෙටුවා

නීතියට අනුව මං වැරැදදක් කෙරුවා
ඈ කල වැරැදද නුඹ හිතුවද මන්දා
නීතියෙ දෙවගනම ගැහැණියක හන්දා
ප්‍රේමයට කවටකම් කල එක හරිද මන්දා

හිර බත් ගිලින්නට තවම පුලුවන්
මගෙ පැත්තෙනුත් නීතිය හරිද බලපන්
නුඹටත් මෙය උනානන් කරම දේ හිතපන්
නඩුකාර හාදුරුවනේ මට සමාව දීපන්

(නිමිත්ත:බිරිදගේ අනියම් සැමියා ඝාතනය කල ඔහු අධිකරණය ඉදිරියේ කරන ඉල්ලීම)

-චතු-
11/11/2020

Comments (6)

චතූ 3 years ago හරිම ලස්සනයි ?✍

චතු ගුණසේකර ? 3 years ago තැන්කියු චතූ

ශශී❤️? 3 years ago ලස්සනයි ?

Geethanjalee ? 3 years ago Lssanai ?

Deesha(දීෂා)❤️ 3 years ago ? නීතිය පැත්තෙන් වැරදිකරු වුනත් ආදරේ නාමයෙන් වැරදිකරු ඔහු නෙවෙයි.... ලස්සනයි නිසදැස ගොඩක්ම ❤️

චතු ගුණසේකර ? 3 years ago Thanq hamotm





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps