Geethanjalee ? 3 years ago 143 4 5

Nisadas Image

පිය සෙනෙහස...

දුන්හිඳ දිය ඇලි කොමළිය
දිවියට අරුතක් ගෙනේය
ගිරිකුළු හෙල් පල්ලම් සිඳ
පෙරටම යන නද ඇසේය...

නුඹගේ දිවි සහන් සුවය
මහ සයුරට පුද කළේය
මගේ දිවියේ සංකා දුරලු
අප්පච්චී නුඹ වගේ ය....

පහන් දොරින් ආ හිරු රැස්
අඳුරු වලා දුර හලේය
සඳකැන් මිණි පහනක් සේ
දුක්ගිනි දැල් නිවාලේය....

ආදරයෙන් සලකන්නට
දෛවය මට ඉඩ හළේ ය
මෙලොවින් සමුගන්නා තුරු
මතක සුවඳ පෙර වගේ ය....
❤️❤️?❤️❤️

Comments (5)

චතූ 3 years ago ලස්සනයි පිය සෙනෙහස ?❤

චතු ගුණසේකර ? 3 years ago ?ලස්සනයි

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක්ම ලස්සනයි ❤

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගි ❤️

Geethanjalee ? 3 years ago Thnk you all ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps