Geethanjalee ? 3 years ago 81 4 4

Nisadas Image

එක කතාවක්...

ලියන්නට පෙම් පුරන
ලස්සන එක කතාවක්
ලියා අවසන්
වන්නටත් පෙර
හඬා වැටුනු
රෝස කැකුලියක්...?

නටුවෙ කටු
තිබුන පලියට
‌ දරන්නට අවැසිමද
රිදුම් දෙන වේදනා
ජීවන රඟමඬල
අබියස.....?

නිරන්තර රිදුම් දී
ළය මඬල සීරුනත්
නෙත් කෙවෙනි තෙමුනත්
රෝස මලට බර වැඩිද
මුරණ්ඩු රෝස කටුවක්...

කප්පරක් රිදුම් මැද
ඇය ලස්සනට හිනැහේවී
වේදනාවේ දුක දරන්...?


Comments (4)

චතූ 3 years ago ලස්සන කතාවක් ❤

Deesha(දීෂා)❤️ 3 years ago ම්ම්ම් ලස්සනයි ?✍️

ශශී❤️? 3 years ago ?ලස්සනයි ❤️

Geethanjalee ? 3 years ago Thnk you all❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps