32 Total Nisadas Found


චතු ගුණසේකර ? Nisadas Count (32)





චතු ගුණසේකර ? 3 years ago 118 6 5

Nisadas Image

අපූරු කලාකරුවෙක්,

"චන්දන මෙන්ඩිස්"
මේ ඔහු ගැන නම්,
රටවලින් බිහි වූ ශේෂ්ඨ ලේඛකයන් පෑන් තුඩෙන් සිත්තම් කල හාස්‍යය,උපහාසය,සන්ත්‍රාසය,කුතුහලය,හා ආදරය සහෘදයා වෙත ජනිත කල ඔහු,පරිවර්තන,ස්වත්න්ත්‍ර ඇතුළු කෘති විශාල ප්‍රමාණයක් විශ්ව සාහිත්‍ය ට එක් කොට හමාරය...

පරිවර්තන කෘති හා බැදි අභිරහස් දොස්තර ෂර්ලොක් හෝම්ස් හා බැදි කෘති ගණනාවකට පන පොවා හමාරය..ඒ අතර,
*සුනඛ ශාපය,සිව් රහස් සළකුණ,බිහිසුණු නිම්නය,මලගිය ඇත්තො සාක්කි දෙති,ලේ සලකුණ,අන්තරාය අඩවියක,මහ රෑ අ මාරයා,ඉන්ද්‍ර නීල මාණික්‍ය,දියමන්ති ඔටුන්න,ලෝහිත පරීක්ෂණය,රතුවත හැදි කත....එට්ච්

මෙවැනි පරිවර්තන කෘති ඉතා විශාල ප්‍රමාණයකට හිමිකම් කියන ඔහු,
ප්‍රථම ස්වතන්ත්‍ර නවකතාව,වන
"නිශ්චල චංචල දේපළ"
අදටත් සහෘද ජනාදරයට පාත්‍ර වනු ඇත...

2008 වසරේදි,රාජ්‍ය සම්මාන ලැබු හොදම පරිවර්තන කෙටි කතා කෘතිය
"ශේෂ්ඨ ලේඛකයනෙගෙ විශිෂ්ට කෙටිකතා වේ..
2009 වසරේදි එය
"සොදුරු සිතුවම්" නම් කෙටි කතා කෘතියට හිමි විය...
මෙවැනි අසීමිත සම්මානයන්ට පාත්‍ර වූ ඔහු,
පාඨකයන්ගෙ හදවතෙ ලේඛකයා වී හමාරය

ජීවිත අත්දැකිම තුල ඔහු ගැන ම'විසින් පලකල දෑ..කෙසග ඇති පරමාණුවක් තරම් වුවත්,එයින් පාඨක ප්‍රේමි බවක් පෙන්වමි.

චතු ගුණසේකර ? 3 years ago 127 6 8

Nisadas Image

ප්‍රේමයට මුවා වී

අහම්බෙන් මුණ ගැහුන ඔහු වත
හාදකම් පෑදුනෙ හිත් යට
සතියකට වතාවක් මුණ ගැහුන ඔහු මුව
ප්‍රේමය දළු ලෑවෙ දින දින අපට

කඩදහි ලියුම් හුවමාරුව දින දින
ඔහු ගැන ඇරෙන්නට සිත නොගිය වෙනතක
සිත් අහස මෙන් විශ්වාස ගොඩ නැගුවේ සිතට
ප්‍රේමයට වහල් වුනු සිත කාමයට දොර ඇරුනෙ ඔහු වෙත...

තත්පර පැය ගණන් ගෙවුනේ ඔහොම
නොදැනිම දවස ගෙවුනෙ ඔහුගෙ සෙනෙහෙ යට
පසු දින අමුතුවක් දැනුනෙ ගතට
නොදැනිම ලෙයක් ඇග දැවටුනෙ ඔහුගෙම

රහසක් නොකර ඔහු ට එය දැන්වූවා
මග හැර යනු දැක ලොවක් කදුලු වැටුනා
මව් පියන් අඩනු දැක හිත කඩන් වැටුනා
ඈට අනුවප්‍රේමයට මුලා වි ඈ වැරැද්දක් කෙරුවා

ලෝකයම අවලාද ඈ විදන් උන්නා
ඔහු කල මුලාව කිසිවෙකුට නොපෙනෙද මන්දා
දරු ගැබක් කුස දරන් අවලාද වින්ද
සමාජ නීතියක සහනයක් ඇයට දිය යුතුය රන්දා....

(නිමිත්ත:ප්‍රේමයට මුලා වී හිත් යටින් මියැදෙන යුවතියක,කතා වෘන්තාන්‍තයෙ අවසානය)

චතූ
2021/01/26







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps