10 Total Nisadas Found


අහිංසකාවි මධු Nisadas Count (10)





අහිංසකාවි මධු 2 years ago 147 1 0

Nisadas Image

මහන්සිත් ඇති දැන් ඒකයි නැවතුනේ නුඹ මෙතැනින් ....

නෙත් මානෙ නුඹ දුටුවේ නැ
දැක්කෙ මං රූපපෙට්‍ටියෙන්
හිත් මානෙ නුබ හිටියා
පිං වත් ඇතෙකු ලෙසින් ....

ගාම්භීර ගමනින් නුඹ හැඩකාරයි
දළදා කරඩුව වඩම්මවන විට නුඹ පිං පාටයි
සංසුන් ගමනින් යන විට කළු මාමාත්
ආඩම්බර පාටයි
සංසාර බැදිමක් දෝ මට විටෙක සිතෙයි .....

නුඹත් කළු මාමාත් හරි හරියට
යාළුකම සංසාරික ලෙසින්
විටෙක නුඹත් හැසිරුණා
කළු මාමාට පුතෙකු ලෙසින් ....

පිං වත් සිව් පා තැබුවේ නැ
යකඩ උඩ මතින්
දුර කතර ගෙන ගියෙ නුඹ
මහා පොළොව මතින්....

පුතෙකු නැති පියෙකි දැන්
කළු මාමා ඉතිං
ඇත් රජුනි කළ පිං හොදටම ඇති
මතු නිර්වානෙට යන්න ඉතිං ...

මහන්සිත් ඇති දැන්
එකයි නැවතුනේ මෙතනින්
"යන්න එපා කියන්න " වත් හිට්යෙ නැ ඇත් රජුනි නුඹඑවිට දෙනෙත් පියන්..... ( මදු)✍️








Copyright © 2021 Nisadas | Powered by Arvin Apps