Nethu
3 years ago
102
4
5
නුඹෙ රූපේ මැකී නොයයි??
අහස ලස්සනයි ගෑවම දම් පාට
හිරු ලස්සනයි ඇන්දම රන්පට සේල
සයුර ලස්සනයි වැටුනම සඳ එළිය
නුඹ ලස්සනයි දඟ කරනා ඇස් දෙකට...
අහස කෙතරම් තැවරුවත් දම් පැහැය
හිරු කෙතරම් ඇන්දත් රන් පට සේල
සඳ දියේ ඇන්දත් රන් ඉරි නේක
නුඹේ හිතේ නෑ නේදො මගෙ මතක...
අහසින් දම් පැහැ අරගෙන යන්න ළඟයි
හිරු රන් පට පිළී ද ඉවත් දරයි
සඳ සයුරට අවසර කල් දෙන්න හිතයි
මගේ හිතේ නුඹෙ රූපේ මැකී නොයයි...