Deesha(දීෂා)❤️ 3 years ago 74 3 5

Nisadas Image

__________අහිමි ? දිවිය___________

කාලයක් අතැර සිටි බොහෝ දෑ දෙස බලා
මවයි සිතුවම් එදා ගැයූ ගී හිනැහිලා
තාලයට අඩි තැබූ පා සලඹ නැත මෙදා
මිහිරි මතකයන් ඇත අතීතයෙ සිරවෙලා................

ගායනය නර්තනය මුසු වෙච්ච ජීවිතේ
දෙතොලතර මදහසත් නිරන්තර රජ වුණේ
ස්වර එකින් එක වයා තනුව මනරම් කළේ
පියාණෙනි කිමද මා හැමදෙයින් වෙන් කළේ......................

ඉගිලගිය පියාපත් එකින් එක බිම වැටී
තනිව සිරගෙයක් තුළ රෑ දවල් ඉකිබිඳී
කුඩා කල ගතකෙරූ හැමදිනම හද රැඳී
කවිකලා මුළු සිතම කඳුළු මුව සිඹිද්දී....................
??✍️

Comments (5)

චතූ 3 years ago අනේ...?... ලස්සනයි..දීශා බබත් ලස්සනයි

Deesha(දීෂා)❤️ 3 years ago දීෂා බබා ?? Thanks ❤️

චතූ 3 years ago ඔය photo එකේ ඉන්නේ ඔයානෙ ඉතින්... පොඩි කාලේ ඉතින් බබා තමයි ?.ඒකයි එහෙම කිව්වේ

ශශී❤️? 3 years ago ගොඩාක් ලස්සනයි ඔයයි ඔයාගේ නිසදැසයි..❤️❤️❤️

Deesha(දීෂා)❤️ 3 years ago Ahh ඒකනේ අක්කි Thanks shashii





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps