Deesha(දීෂා)❤️ 3 years ago 86 3 8

Nisadas Image

_______?✍️සිත්ගත් කිවිඳිය✍?_______

වදනින් වදන අමුණා මියුරු කවි
සිත්තමින්
ලෝකයේ සොඳුරු තැන් දුටුවෙ මා
නුඹෙ පන්හිඳෙන්
පර්වත මහා නොසැලෙන මහ
දිරිය දරන්
නුඹ හිනැහුණා හද මඬලට හුස්ම
දෙමින්........

කතරට වඩින වැස්සක් සේ පැමිණ
සෙමෙන්
නිසදැස් ඉම කවි ගෙතුවා සෙනෙහෙ
සිතින්
දවසින් දවස මෙය හැඩවෙයි නුඹෙ
ගෙතුමින්
ආසිරි ගෙනෙමි මා නුඹ වෙත මිතුරු
පෙමින්.....

කණදිරි රැයක තරු පිරි අහසක්
සමඟින්
සඳ හා කතාවක් නුඹ පිණිකැට
සිඹිමින්
ලෝදිය කඳුළු සඟවා කවි තුළ
මැනවින්
කඩුපුල් මලක් විය රෑ සුවඳක්
හමමින්..........

______විරුවෙකුට පුළුවන් ගුලි වෙන්න පිළිමයක
කවියෙකුට පුළුවන් මියැදෙන්න අහසක෴_____ ✍️❤️

(අක්කි ඉතා කෙටි කාලයක් තළ 200 ඉක්මවූ කවි, නිසදැස් ලියූ ඔයාට සුභ පැතුම්)

°මම දීෂා෴

Comments (8)

චතූ 3 years ago අනේ! තෑන්ක්ස් දීශා නංගා?❤️ හැමදාම මට පුරුදු මගෙ කවිය ලියනකොට... නොවෙනස්ව පිළිතුරක් තිබුණෙ ඔය නුඹ ගාව... කවියෙක්ට පත්ඉරුව කවි වලින් පුරවන්න... නුඹ වගේ රසවිදින සොඳුරු හිත් සවියක් ය... ජීවිතේ කතාවේ දුක සතුට දකිනකොට... මම මගේ පාඩුවේ අකුරු කෙරුවෙමි මෙතැන... ඔය නුඹේ හිතවත්ම මිතුරු සිනහව සමග... දන්නවද හිතවතිය බැඳුනි මගෙ කවි හිතම...

චතූ 3 years ago ගාව... කවියෙක්ට පත්ඉරුව කවි වලින් පුරවන්න... නුඹ වගේ රසවිදින සොඳුරු හිත් සවියක් ය...

චතූ 3 years ago ජීවිතේ කතාවේ දුක සතුට දකිනකොට... මම මගේ පාඩුවේ අකුරු කෙරුවෙමි මෙතැන...

චතූ 3 years ago ඔය නුඹේ හිතවත්ම මිතුරු සිනහව සමග... දන්නවද හිතවතිය බැඳුනි මගෙ කවි හිතම...

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි ඒ වගේම ? thanks ?❤️?✍️

ශශී❤️? 3 years ago ලස්සනයි දීශා ❤️❤️ ලස්සනයි චතූ❤️❤️ දෙන්නටම සුබ පතනවා ?

Deesha(දීෂා)❤️ 3 years ago Thanks shashii ?

චතූ 3 years ago Thanks Shashi?✍





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps