ශශී❤️? 3 years ago 132 3 8

Nisadas Image

එක දවසක ඇවිත් යන්න...?

දුර තුශාරයේ සීතල පිනි බිදුවක එතිලා
මන් දිවා රැයේ සිහිනෙන් නුබ සිත්තම් කෙරුවා
පෙම් පුරානයේ මතකය ලග හදවත බිදලා
රලු ඉඩෝරයේ ගිලිහුනු නුබ ඈතට ඇදුනා
පිනි කඩා හැලේ හදවත ගිනි දලු වට කරලා
නෙතු හඩා වැටේ අහිමිව ගිය නුබ සිහි කරලා
නෙක පාට වලින් සේදී ගිය සිහිනෙට වැදිලා
සීතල උනු කදූලු වලින් මතකය තෙමුවා
යලි වසන්තයේ එක දවසක අප හමුවීලා
දොඩමලු වෙමු දෙනෙත් වලින් උනුහුම සොයලා
එක නිමේශයක් සැනසෙන්නට ඇසිපිය සලලා
එක දවසක ඇවිත් යන්න ඇයගෙන් මිදිලා

ශශී




Comments (8)

Deesha(දීෂා)❤️ 3 years ago ? සංවේදී ලස්සන නිසදැසක් ✍️

ශශී❤️? 3 years ago Thank u deesha ❤️

Deesha(දීෂා)❤️ 3 years ago Shashi ඔයත් හෙළකුරු සිතළු වලට එන්න ??

චතූ 3 years ago ලස්සනයි ??

ශශී❤️? 3 years ago Thank u chathu ❤️

ශශී❤️? 3 years ago මොකක්ද දීශා හෙළකුරු සිතළු කියන්නේ

Deesha(දීෂා)❤️ 3 years ago හෙළකුරු App 1 download කරගන්න, ඒකෙ සිතළු කියලා නිසදැස් ලියන තැනක් තියනවා එතනට එන්න

ශශී❤️? 3 years ago Harii deesha ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps