Deesha(දීෂා)❤️ 3 years ago 181 4 3

Nisadas Image

වෙර දරමි ?

කඳුළු අතරින් ගෙවුණු දිවියම
යළි යළිත් මියැදී
පෙරදාක හිනැහුණු දෙනෙත් කෝ
මම තවම සොයමී
විඩාබර පාළුවක් දැනෙමින් ගෙවෙන
මොහොතකදී
මතකයන් යළි යළිත් සිතතුල
මැවෙයි හද කැළඹී

සීතලට පිණි පොකුරු වැටෙනා
මැදියමේ අඳුරේ
ලියනවා කවිකර මමත් මගෙ ගෙවුණු
පෙර මතකේ
කඳුළු දුක් සුසුමන් මතින් යන
මගේ දිවි ගමනේ
හැකිය තවමත් නැඟී ඉන්නට
දුක දරා මහදේ

ලැබෙයි මහමෙර තරම් සෙනෙහස
තවම ඔබ සැමගෙන්
වැටි වැටී නැගිටින්න හැකිවේ මට
ඔබේ දිරියෙන්
අතරමඟ නවතින්න බෑ මට පණ
පොවනු හුස්මෙන්
කෙසේ හෝ යළි ගමන් අරඹමි
අඳුර පසුකරමින්....

Comments (3)

චතූ 3 years ago ඒකනේ දීශා...වැටෙන්නෙ නැතුව හරි ශක්තිමත්ව නැගිටින්න පුළුවන් ඔයාටත් ...? ලස්සනයි ✍

සත්සරණි 3 years ago Lassni akki ?

Deesha(දීෂා)❤️ 3 years ago Thanks ????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps